දේශීය බිත්තරෙත් මිල බහියි

1984

දේශීය බිත්තර නිෂ්පාදකයින්ද ඊයේ (26 දා) සිට බිත්තර මිල පහළ දමා ඇත.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 49 කටත් රතු බිත්තරයක් රුපියල් 50 කටත් තොගමිලට ලබාදීමට පියවර ගෙන තිබේ.

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම නිසා රුපියල් 55 ට මිල නියම කර තිබූ බිත්තර මිල මෙලෙස අඩු කිරීමට හැකි වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා “දිවයින”ට පැවසීය. බිත්තර සඳහා පනවා ඇති බදු ඉවත් කරනවානම් තවත් මිල අඩු කළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

පාලන මිල ඉවත් කිරීම නිසා ගොවීන් නැවත කුකුළු ගොවි පොළ කර්මාන්තය සඳහා යොමුවීමට තීරණය කර ඇතැයිද පැවසූ සරත් රත්නායක මහතා ඒ අනුව ඉදිරියේදී තවදුරටත් දේශීය බිත්තර මිල අඩු කළ හැකි බවද කීවේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment