කුලියට කාමර දෙන මුවාවෙන් ගණිකා නිවසක් කරගෙන ගිහින්

776

කාමර කුලියට දෙන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු සහ ලිංගික සේවනයේ යෙදීමට සිටි කාන්තාවක්ද සහායකයෙකුද අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල පෙට්ටිගල වත්ත හරස්පාරේ පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසයේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලද 21 හැවිරිදි කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් ඇය ගාල්ල ප්‍රදේශයේ රැකියාවක් කරන බව පවසා නිවසින් පැමිණ පිලානේ නිවසක නතරව දිනපතා ගණිකා නිවාසයට පැමිණෙන බවත් අනාවරණයවූ බවද පොලිසිය පවසයි.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.නිමල් සැරයන් මදනායක (14353) කාන්තා උප පොලිස් පරීක්ෂිකා ශ්‍රියාණි යන මහත්ම මහත්මින් විසින් වැටලීම සිදුකර ඇති අතර සැකකරු සහ සැකකාරිය ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment