අඹුවන් තිදෙනෙක් නඩත්තු කරන්න මධ්‍යම අධිවේගයේ චීනුන්ට කසිප්පු විකිණූ සැකකරු බඩුත් එක්ක දැලේ

1283

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම ගනේගොඩ ප‍්‍රදේශයේ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු කළ චීන ජාතිකයින්ට කසිප්පු විකිණීමේ පුවතක් පළවෙලා පොලිසියෙන් වාර්තා වෙයි කොළඹ නුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම ගනේගොඩ ප‍්‍රදේශයේ අධිවේගී මාර්ගයේ වැඩ කළ චින ජාතිකයින් හට කලක සිට කසිප්පු ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකයට ලද තොරතුරක් මත පල්ලවෙල පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ිජදදඑහස වර්ගයේ යතුරුපැදිය තුළ කසිප්පු පැකට් සහ බෝතල්ද ඉදිරිපස කසිප්පු පිරවූ කෑන් එකක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ අවස්ථාවේදී බෝතල් 45ක් පමණ ප‍්‍රවාහනය කරමින් සිටි මොහු කාන්තාවන් තිදෙනෙකු නඩත්තු කරන හෙයින් ඒ සඳහා දිනකට අධික මුදලක් වැය වන බවත් මෙම ව්‍යාපාරය තුළින් දිනකට රුපියල් විසිදාහක් පමණ ආදායමක් උපයන බවත් පාපොච්චාරණය කර ඇත.

කල්එලිය – චන්ද්‍රවීර වික‍්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment