යාපනය සරසවියේ තුන් වැනි වරටත් සිසු ගැටුමක්

173

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර තුන් වන වරටත් ඇති වූ ගැටුමකින් පෙරේදා (9 දා) එක් සිසුවකු තුවාල ලබා තිබේ.

යාපනය මනිපායි පොලිසිය ස`දහන් කළේ විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යයකු කොට කලිසමකින් සැරසී විශ්වවිද්‍යාල සිසුවකු නොවන තවත් අයකු සමග විශ්වවිද්‍යාලයට පැමිණීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බවයි.

මෙම පහරදීමේ සිද්ධියට යාපනය විශ්වවිද්‍යාලයේ තුන් වන හා හතර වන වසරවල සිසුන් පිරිසක් සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී ඇත. පහරකෑමට ලක්ව ඇත්තේ විශ්වවිද්‍යාල සිසුවකු නොවන අයකු සමග කොට කලිසමකින් සැරසී විශ්වවිද්‍යාල භූමියට පැමිණි නවක සිසුවා බවටද තොරතුරු හෙළිවී තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ නවක වධය ලබා දෙන මේ කාලයේදී සිසුන් අතර ගැටුම් හටගත් තුන් වන අවස්ථාව මෙය වේ. විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය විසින් මීට පෙර පහර දීමකට සහභාගි වූ එක් සිසුවකුගේ ශිෂ්‍යභාවයද අහෝසි කොට තිබේ. කොට කලිසමක් ඇ`දගෙන සිටි බවට චෝදනා කරමින් සිදු වූ මෙම තුන්වන ප‍්‍රහාරය පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලයේ විනය කමිටුවට අදාළ සිසුවා විසින් පැමිණිලි කිරීමෙන් පසුව විශ්වවිද්‍යාල බලධාරීන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. ඒ අතරවාරයේ මනිපායි පොලිසියටද පැමිණිලි කොට තිබේ.

මනිපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment