බිත්තර මිල ගැන යළි තීරණයක්

288

බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 30ක් වන අතර බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර උපරිම සිල්ලර මිලක් පනවන්නැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කළ යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තූවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මියට උපදෙස් දී ඇත.මේ වන විට බිත්තර රුපියල් 55ත් 65ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment