සිසුන් 345242 ක් මධ්‍යස්ථාන 2439 ක් : උ පෙළ විභාගය ලබන 07 දා සිට

106

උසස් පෙළ විභාගය (2021) ලබන මස (පෙබරවාරි) 07 වැනිදා සිට විභාග මධ්‍යස්ථාන 2,439 කදී පැවැත්වීම සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (27දා) පැවසීය.

මෙම විභාගය පසුගිය වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගතය හමුවේ මාස 06කට පසු ලබන මාසය තුළ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සියලූ කටයුතු සංවිධානය කර ඇතැයි ද ලේකම්වරයා කීය.

විභාග කල් දමන ලෙස කීප දෙනකු ඉල්ලීම් කළත් පළාත්, කලාප අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු පාර්ශ්ව

රැුසකගේ අදහස් ගැනීමෙන් පසුව උසස් පෙළ විභාගයට දින නියම කළ බවද ඒ මහතා කියා සිටියේය.

මේ වන විට විභාගය පැවැත්වීම සඳහා විදුහල්වලට සහ පෞද්ගලික අයැදුම්කරුවන් වෙත ප‍්‍රවේශ පත‍්‍ර යවා තිබෙන බවත්, ඒ අනුව උසස් පෙළ විභාගය නියමිත දිනයේදී ආරම්භ කර අවසන් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙවර උසස් පෙළ විභාග ප‍්‍රවේශ පත‍්‍රය නොලද අයැදුම්කරුවකු වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එය භාගත කරගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

2021 උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප‍්‍රවේශ පත‍්‍ර තැපැල් කර යවා ඇති බව ද, එසේ නොලැබුණු යම් අයැදුම්කරුවකු වෙතොත් ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන අඅඅගාදැබැඑිගකන වෙත පිවිස එහි මුල් පිටුවේ සේවා යටතේ ඇති අ.පො.ස (උ.පෙළ) විභාගය 2021 (විභාග ප‍්‍රවේශ පත‍්‍ර බාගත කිරීම) නමැති අයිකනය තෝරා ඒ යටතේ නිවැරැුදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප‍්‍රවේශ පත‍්‍රයේ පිටපතක් බාගත කරගත හැකියි.

එසේම ප‍්‍රවේශ පත‍්‍රයේ නම, විෂය සහ මාධ්‍යය සංශෝධනය කිරීමට ද හැකි අතර එලෙස සංශෝධන සිදුකළ හැකිවනුයේ එක් අවස්ථාවකදී පමණයි.

2021 උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345242 ක් පෙනී සිටීමට නියමිතය

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment