දකුණු කොරියාවෙන් ඩොලර් බිලියනයක සොලාර් ව්‍යාපෘතියක්

541

ශී‍්‍ර ලංකාව ඩොලර් හිඟයකට මුහුණපා සිටියදී දකුණු කොරියාව අපට සහායක් වශයෙන් ඩොලර් බිලියනයක් වැය කර සොලාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉදිරිපත් වී ඇත.

මේ බව දකුණු කොරියාවේ කේ. සී. එච්. එම්. බලශක්ති ආයතනයේ ප‍්‍රධානි සාච් මු ජාන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ. මෙම සෝලාර් ව්‍යාපෘතියෙන් ශී‍්‍ර ලංකාවේ නිවාස දහනව දහසකට විදුලිබලය ලැබේ. රජයේ සූරියබල සංග‍්‍රාමය වැඩසටහනට සහාය වීම සඳහා මෙම සෝලාර් ව්‍යාපෘතිය ඉදිරිපත් කරන බව එම දකුණු කොරියානු ආයතනය කියා සිටී. මෙම හිරු කිරණවලින් විදුලිය දීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස වහලවල් මත උපාංග සවිකෙරෙනු ඇත.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන්නේ එක් දකුණු කොරියානු සමාගමකි. ඒ සඳහා ශී‍්‍ර ලංකාවට කිසිදු වියදමක් දැරීමට සිදු නොවේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment