13 ගැන යෝජනා 15දාට පෙර ඉල්ලයි

180

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත ලිඛිතව දැනුම්දී ඇත.

එම අදහස් හෝ යෝජනා මෙම මස 15 වැනිදාට පෙර ලබාදෙන ලෙස ද ඉල්ලා තිබේ.

ඉකුත් ජූලි මස 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී ඇති කර ගත් එකඟතාවට අනුව අදාළ යෝජනා හෝ අදහස් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment