ශ්‍රී ලංකාවේ දෙවැනි වෑයමත් වරදී – ආසියානු කුසලාන පාපන්දු ශූරතාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලිය

170

රටවල් 04 ක සහභාගිත්වයෙන් උස්බෙකිස්තානයේ නමංගන් නුවර පිහිටී මකාර්සී  ක්‍රීඩාංගණයේ දී දැන් ක්‍රියාත්මක මීළඟ ආසියානු කුසලාන පාපන්දු ශූරතාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ තෙවන හා අවසන් වටයට එක්වෙමින් ශ්‍රී ලංකා ජාතික පිල පෙරේදා (11දා) ප:ව: 09.00 ට මුහුණ දුන් දෙවන තරගයේදී ගෝල් 2 – 0 ක පරාජයක අමිහිර අත්විඳින්නට සිදුවිය. ඒ ප්‍රතිවාදී තායිලන්තය හමුවේය.

තරගයේ පළමු ගෝලය 34 වැනි මිනිත්තුවේ දී ද දෙවන ගෝලය අවසන් මිනිත්තුවේ දී ද සටහන් කර ගැනීමට තායිලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක 111 ස්ථානයට රැඳී සිටින තායිලන්තය හමුවේ ප්‍රශංසනීය ක්‍රීඩා විලාසයක නිරත වෙමින් අදාළ පරාජය සියුම්ව අත්විඳින්නට ශ්‍රී ලංකා පිල සමත් වීම කැපී පෙනුණි.

පසු ගිය 08 දින ප්‍රථම තරගය ට ඉදිරිපත් වෙමින් සත්කාරක උස්බෙකිස්තනය ට එරෙහිව තරග වැදුණු අතර එහිදී ගෝල් 03 – 00 ක පරාජයක් අත් විදීමට ද ශ්‍රී ලංකා පිලට සිදු විය. ඒ අනුව මෙතෙක් පැවති තරග දෙකම ශ්‍රී ලංකාව පරාජය විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment