ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව තාක්ෂණ කමිටුවක්

342

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා සභාපති ධුරයට නම් කරමින් සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත් නව තාක්ෂණික කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පත්කර තිබේ.

සනත් ජයසූරියට අමතරව ෆර්වීස් මහරුෆ්, කපිල විජේතුංග, චරිත් සේනානායක සහ අසන්ත ද මෙල් යන මහත්වරු එම කමිටුවට නම් කරන ලද සෙසු සාමාජිකයෝ වෙති.

ජාතික ක්‍රීඩා පනතේ 25 වැනි ක්‍රීඩා නීතියට අනුව මෙම නව තාක්ෂණික කමිටුව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරනු ලැබ ඇත.

එම කමිටුවේ සාමාජිකයන් අතරින් සනත් ජයසූරිය, අසන්ත ද මෙල් සහ කපිල විජේතුංග මීට පෙර ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපතිවරුන් ලෙස කටයුතු කර තිබෙන අතර ෆර්වීස් මහරුෆ් ශ්‍රී ලංකා 19න් පහළ කළමනාකරු ලෙස ද කටයුතු කර තිබේ.

පසුගිය මාර්තු 27 වැනි සඳුදා නිකුත් කළ අංක 2325/05 දරන ගැසට් නිවේදනය යටතේ මෙම නව තාක්ෂණික කමිටුව බලාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment