නඩුව අහන්නේ මට වෛර කළ කෙනෙක් – ඇප ලැබූ ට්‍රම්ප් ආධාරකරුවන් අමතයි

365

හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතමින්, තමාට එරෙහි නඩුව විභාග කළ විනිසුරුවරයා මෙන්ම ඔහුගේ පවුලේ උදවිය පවා විවේචනය කර ඇත.
තමාගේ නඩුව විභාග කරන්නේ ට්‍රම්ප්ට වෛර කරන විනිසුරුවරයකු බව හෙතෙම අඟහරුවාදා රාත්‍රියේ ෆ්ලෝරිඩාවේදී සිය ආධාරකරුවන් අමතමින් ප්‍රකාශ කළේය.

තමාට එරෙහි නඩු විභාගය සිදුකරන පිරිස, උප ජනාධිපති කමලා හැරිස්ගේ ආධාරකරුවන් බව ට්‍රම්ප් පවසා තිබේ.

සඳුදා දිනයේ නිව්යෝක් අධිකරණයේදී ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වුණි. එහිදී ඔහු මේ චෝදනාවලට තමා නිවැරදිකරු බව කීවේය.

සිය අධාරකරුවන් අමතමින් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඇමරිකාව ගමන් කරන්නේ අපායට බවයි.

තමා හැමවිටම ක්‍රියා කළේ ඇමරිකාව සුරක්ෂිත කිරීමට පමණක් බව හිටපු ජනපතිවරයා අවධාරණය කර තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment