මාස තුනක් ඉන්න ආණ්ඩුවට මොන මැතිවරණ ක්‍රම සංශෝධන ද – අලුත් ආණ්ඩුවකට ඒකට ඉඩ දී වහාම ඡන්දය තියන්න – තිස්ස අත්තනායක

60

මැතිවරණ ක්‍රමය වහාම වෙනස් කළ යුතු බවට අධිකරණ ඇමැතිවරයා විටින් විට ප්‍රකාශ කළ ද ඊට සමගි ජන බලවේගය පක්ෂය මේ මොහොතේ තදින්ම විරුද්ධ බව එම බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (29 දා) පැවසීය.

මේ මොහොතේ අවශ්‍ය මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නොව වහාම මැතිවරණයක් පැවැත්වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

තව මාස තුන හතරක් යනකොට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය කැඳවිය යුතුයි. ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ආණ්ඩුව අහෝසි වේවි. ඒ නිසා මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා නම් වෙනස් කළ යුත්තේ නව ජනවරමකින් මීළඟට පත් වෙන ආණ්ඩුව විසිනුයි. තව මාස තුනක් විතර ඉන්න මේ ආණ්ඩුවට මොන මැතිවරණ ක්‍රම සංශෝධන ද. මෙයාලා හදන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා කිය කියා මහ මැතිවරණය තව කල් දාගන්න පුළුවන්ද කියා බලන එකයි. ඒවට ඉඩ දෙන්න බෑ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment