අයිරාංගනී සේරසිංහ,වේදිනී ලතා වල්පොල සම්මානයට පාත්‍රවෙති

200

ඇමෙරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා බාබරා කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලද ,ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපට උළෙල හා සම්මාන ප්‍රධාන උළෙල, වන සිලෝන් ඉන්ටර් නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්හි ,ශ්‍රී ලාංකික සිනමා ශිල්පීන් ඇගයීමේ සම්මාන රාත්‍රිය, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා ආධුනිකයින් පිරිවරා ගනිමින් ඉකුත් 10 වැනිදා කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී ,ජීවිතයේ එක්වරකදී පමණක් හිමිවන, සම්මාන ද්විත්වයකින් ප්‍රවීණ රංගනවේදිනී අයිරාංගනී සේරසිංහ හා ප්‍රවීණ ගායනවේදිනී ලතා වල්පොල මහත්මීහු පිදුම් ලැබූහ.

එම ගෞරව සම්මාන ප්‍රධානය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය විසින් සිදුකරනු ලැබූ අතරල සම්මාන ප්‍රධානය ඡායාරූපයේ දැක්වේ. සිලෝන් ඉන්ටර් නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්හි සභාපතිනී අරුණි බොතේජු සහ ,සිනේස්ටාර්, පදනමේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාද ඡායාරූපයේ සිටිති.

රටවල් කිහිපයක් හා තරඟ වදිමින් මෙහිදී හොඳම චිත්‍රපටයල හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ නිළිය ඇතුළු සම්මාන රැසක් දිනාගන්නට ශ්‍රී ලාංකික සිනමාවේදීහු සමත්වූහ.

සිලෝන් ඉන්ටර් නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්හි සහ ,සිනේස්ටාර් පදනම, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජෙජ්‍යෂ්ඨ සිනමාකරුවන්ගේ එකමුතුවෙන් ශ්‍රී ලංකාවේ උළෙල සංවිධානය කර තිබිණි.
මෙහිදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය බන්ධුල ගුණවර්ධන විසින් නිෂ්පාදනය කරන ලද ,ද නිව්ස් පේපර්ස්, චිත්‍රපටයට හිමි වූ අතරල හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ,ද නිව්ස් පේපර්ස්, චිත්‍රපටය වෙනුවෙන් සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර දේපළ විසිනි.
හොඳම නිළියට හිමි සම්මානය ,සුනාමි, චිත්‍රපටයේ රඟපෑ නිරන්ජනී ශන්මුගරාජා විසින් මෙහිදී දිනාගන්නා ලද අතරල හොඳම නළුවාට හිමි සම්මානය ,ද නිව්ස් පේපර්ස්, චිත්‍රපටයේ රඟපෑ සරත් කොතලාවල විසින් හිමිකරගන්නා ලදී.

හොඳම සහාය නිළියට හිමි සම්මානය ,සුනාමි, චිත්‍රපටයේ හිමාලි සයුරන්ගිට හිමිවියග හොඳම සහාය නළුවා ,ද නිව්ස් පේපර්ස්, හි රඟපෑ කුමාර තිරිමාදුරය. සම්මාන උළෙලේදී හොඳම තිර රචනයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ජයන්ත චන්ද්‍රසිරි විසිනි. ඒ ඔහු තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ලද ,ඝරසර්ප, චිත්‍රපටය වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ නොවනල සත් දෙනකුගෙන් යුත් විදේශීය විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාපත්කරගන්නා ලද මෙම ජයග්‍රාහී ලැයිස්තුව සඳහා විදේශීය චිත්‍රපට 300 කට අධික ප්‍රමාණයක් සලකා බලා තිබුණු අතරල හොඳම සජීවීකරණයල හොඳම වාර්තාමය චිත්‍රපටය ඇතුළු සම්මාන කිහිපයක් විදේශීය සිනමාකරුවන් විසින් දිනාගෙන තිබූ අතර එම සම්මාන 2022 ජුනි මසදී ඇමෙරිකාවේ සැන්ටා බාබරා හිදී පවත්වන ලද ප්‍රධාන සම්මාන උළෙලේදී පිරිනමා තිබිණි.

සිනමාවේ කාන්තාව, සම්මානයෙන් රේණුකා බාලසුරිය මහත්මිය පිදුම් ලැබූ අතරල ජූරියේ විශේෂ සම්මානය හිමි වූයේ ,සුනාමි, චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය සෝමරත්න බාලසුරිය සිනමා වේදියාටය.
තවද සම්මාන රාත්‍රියේදී හොඳම සංගීත අධ්‍යක්ෂණය සම්මානය ,ද නිව්ස් පේපර්ස්, වෙනුවෙන් ගයාත්‍රී කේමදාස විසින් දිනා ගනු ලැබුවායග හොඳම සංස්කරණය ,සුනාමි, වෙනුවෙන් අජිත් රමනායකටත්ල හොඳම කැමරා අධ්‍යක්ෂණය සම්මානය ,ඝරසර්ප, හි ප්‍රභාත් රෝෂන් විසිනුත් හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය මාධව තිරිමාන්න විසිනුත් හිමිකරගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment