අලුත් අවුරුදු මිහිරෙන් ඉතිරුණු වෝග් ජුවලර්ස් බක් මහ උළෙල

9

සිංහල දමිළ අලුත් අවුරුද්දේ සම්ප්‍රදායිකත්වය සහ සාමූහිකත්වයේ අසිරිය පෙන්වාදෙමින් වොග් ජුවලර්ස් බක් මහ උළෙල ඉතා මනරම් ලෙසින් පවත්වන්නට පසුගියදා කටයුතු යොදා තිබිණි. කීර්තිමත් මෝස්තර නිර්මාණ ශිල්පී සහ විලාසිතා උපදේශක මයිකල් විජේසූරිය, සැලෝන් ලියො හි ධනුෂ්ක චතුරංග සහ සැලෝන් අබෝනීතා හි තීක්ෂණී කාරියවසම් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට කොල්ලුපිටිය, නුගේගොඩ, කිරිබත්ගොඩ, KCC මහනුවර, මීගමුව සහ කුරුණෑගල යන ශාඛාවන්හි කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගි විය.

අලුත් අවුරුදු මිහිරෙන් ඉතිරුණු වෝග් ජුවලර්ස් බක් මහ උළෙල

වෝග් අවුරුදු කුමරිය සහ අවුරුදු කුමරා තරග ඇතුළු සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා ආදී සංස්කෘතික අංගයන්ගෙන් පිරුණු මෙම උත්සවය, මෙරට සංස්කෘතියේ අභිමානය හා එකමුතුකම පෙන්වාදුන් විනෝදාස්වාදය සපිරි උත්සවයක් විය. ප්‍රීතිමත් මතක පිරුණු වෝග් බක් මහ උළෙලේ සුවිශේෂී අවස්ථාවන් කැටිකළ ඡායාරූප එකතුවක් ඉහත ඡායාරූපවලින් දැක්වේ .

අලුත් අවුරුදු මිහිරෙන් ඉතිරුණු වෝග් ජුවලර්ස් බක් මහ උළෙල
advertistmentadvertistment
advertistmentadvertistment