රටින් ගේන පළිබෝධ නාශක චෙක් කරන වැඩේ ‘හිල්’

313

ආනයනය කරනු ලබන පළිබෝධ නාශක වල යෝග්‍යතාවය සියයට සියයක්ම දේශීය රසායනාගාර තුළින් පරික්ෂාවට ලක් නොවන බව නිරීක්ෂණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

පළිබෝධ නාශක ආනයනය, භාවිතය හා එහි පාරිසරික බලපෑම සම්බන්ධයෙන් මෙකී විගණන වාර්තාව නිකුත්කොට ඇත.

ඒ අනුව ආනයනය කරනු ලබන පළිබෝධ නාශකවල යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා වර්මානයේ එම පළිබෝධ නාශක නිෂ්පාදිත රටවලින් නිකුත් කරනු ලබන තත්ත්ව සහතිකය පාදක කරගන්නා බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. පවතින භෞතික හා මානව සම්පත් උපයෝගි කරගනිමින් වර්තාමනයේදී පළිබෝධ නාශක සකී‍්‍රය සංඝටක 200 කින් සංඝටක 18 කට අදාළව සීමිත පරාමිතින් සංඛ්‍යාවක් සීමිත ප‍්‍රමාණයක් රසායනාගාර පරීක්ෂාවට ලක්කරන අතර මෙම ප‍්‍රමාණය හා කි‍්‍රයාවලිය ප‍්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇති බව ද විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.

2019 වර්ෂයේ ජුනි මස 30 වැනි දිනට මෙරටට ආනයනය කරනු ලබන පළිබෝධ නාශක සකී‍්‍රය සංඝටක 200 ක් පමණ පළිබෝධ නාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇත. එහෙත් මෙකී සෑම පළිබෝධ නාශකයක්ම රෙජිස්ට‍්‍රාර් කාර්යාලය මගින් රසායනාගාර පරීක්ෂණයකට භාජනය කරනු නොලැබෙන බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. රසයනාගාර පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය නවීන උපකරණ නොමැතිවීම හා කාර්යමණ්ඩල හිඟකම හේතුවෙන් පාරිභෝගිකයින් පරිහරණය කරනු ලබන ආහාර භෝගයන්හි අඩංගු විය හැකි පළිබෝධ නාශක උපරිම සීමාව ඉක්මවා යෑම පරීක්ෂා කිරීම සඳහා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ද විගණන වාර්තාවේ සඳහන්ය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment