අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවෙන් දොට්ටද? තීරණය අද -කථානායක කියයි

1041

නීති විරෝධී ලෙස රන් බිස්කට් සහ ජංගම දුරකථන තොගයක් ගුවනින් මෙරටට ගෙනා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරනවාද නැද්ද පිළිබඳව අද (14දා) පැවැත්වෙන පක්ෂ නයකයන්ගේ හමුවේදී ස්ථිර නිගමනයකට එළඹෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ ට පැවසීය.

අලි සබ්රි රහීම් මහතා සිදුකළේ නීති විරෝධී ක්‍රියාවක් නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරෙන් ඉවත් කළ යුතු බව පක්ෂ නායකයන් තීන්දු කළහොත් එම මන්ත්‍රීවරයාගේ ඉරණම ඒ අනුව තීරණය විය හැකි බව කථානායකවරයා සඳහන් කළේය. පක්ෂ නායකයන්ගේ රැස්වීම අද (14දා) පැවැත්වේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment