සූකිරිඇල්ලේදී යකා වැහුණු පෙම්වතුන් කූඩු වෙද්දී ශිෂ්‍යාවෝ රෝහලේ

1793

මොනරාගල ප්‍රදේශයේ සිසුවියන් තිදෙනකු එම ප්‍රදේශයේම පෙම්වතුන් තිදෙනකු සමඟ මොනරාගල හුලංදාව දකුණ ප්‍රදේශයේ පිහිටි සූකිරිඇල්ල නැරැඹීමට ඉකුත් 12 වෙනිදා ගොස් ඇත. එහිදී සිසුවියන් තිදෙනාගෙන් දෙදෙනකුට සිය පෙම්වතුන් විසින් බරපතළ ලෙස අපයෝජනය කර ඇති අතර අනෙක් සිසුවියටද අතවර කර ඇති බවට මොනරාගල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම දැරියන් තිදෙනා එදින පාසල් යෑමට නිවෙස් වලින් පිටවගොස් ඇතත් පාසලට නොපැමිණි බවට තොරතුරු ලැබීමෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීමේදී තරුණයන් තිදෙනකු සමඟ යතුරුපැදිවලින් හුලංදාව දකුණු ප්‍රදේශයට ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

එදින ප.ව. දෙකහමාරට පමණ දැරියන් තිදෙනා නිවෙස්වලට පැමිණ ඇති අතර ඒ පිළිබඳව විමසීමේදී සිද්ධිය අනාවරණය වී ඇත. සිසුවියන් තිදෙනා අවුරුදු පහළොවයි මාස එකයි, අවුරුදු පහළොවයි මාස පහයි, අවුරුදු පහළොවයි මාස අටයි යන වියෙහි පසුවේ. පෙම්වතුන් තිදෙනාම දාහත් වන වියෙහි පසුවන අය වෙති. ඔවුන් යතුරුපැදි තුනකින් පෙම්වතියන් සමඟ සූකිරිඇල්ල නැරැඹීමට ගොස් ඇති අතර එහිදී පෙම්වතුන් දෙදෙනකු ඔවුන්ගේ පෙම්වතියන්ට බරපතළ ලෙස අතවර සිදුකර ඇති අතර අනෙක් පෙම්වතාද සිය පෙම්වතියට අතවර සිදුකර ඇත.

එක් දැරියකගේ පියා විසින් සිද්ධිය දැනගැනීමෙන් පසු ඒ පිළිබඳව මොනරාගල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දැරියන් තිදෙනා සහ පෙම්වතුන් තිදෙනා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර පෙම්වතුන් තිදෙනා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

මොනරාගල පොලිස් ස්ථානාධිපති පී. එස්. චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment