දේව දූතයන් යනු කවුරුන් ද?

356

දෙවියන් වහන්සේ අප මවා ඇත්තේ උන්වහන්සේගේ ස්වරූපයෙන්මය. උන්වහන්සේට පමණක් දෙවැනි වන ලෙසය. උප්ත්ති පොතේ, 7 වන පරිච්ඡේදයේ 27 වන වගන්තියේ ඒ පිළිබඳව සඳහන් වේ. ස්වාමින් වහන්සේ මේ පොලෝ තලයේ සියලුම මැවිලි මනුෂ්‍යාගේ පාලනයට නතු කර එම මැවිල්ල වැඩි වර්ධනය කිරීමට අණ කළ සේක. (උප්පත්ති පොතේ 8 වන පරිච්ඡේදයේ 28 වන වගන්තිය)

කතෝලික ඇදහිල්ල තුළ දේවදූතයන්ට වැදගත් ස්ථානයක් හිමිවෙයි. ඔවුන් ස්වර්ගයෙහි දේව සම්මුඛයෙහි සිටිමින් මෙලොව ජීවත්වන මිනිසුන්ගේ ජන ජීවිතයට සමීපවන අයුරු ධර්මෝප දේශයෙහි පැහැදිලි කෙරේ. දේව වන්දනා පිළිවෙත්වල මිනිස් අප උදෙසා දේව දූතයන් මැදහත් වීම පැහැදිලිව දැක්වේ. දේව දූතයා යන සංකල්පය සඳහා හෙබ්‍රෙව් බසින් මලාක් යන්න ද ග්‍රීක බසින් අංගොලෝස් යන්න ද භාවිත කෙරේ. එයින් මූලිකව හැඟෙන්නේ දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවා දූතයා යන්න ය. බයිබලීය ලේඛන තුළ දේවදූතයන්ගේ ක්‍රියා කාරීත්වය ගැන බොහෝ සඳහන් වේ. ඔවුහු දේව සම්මුඛයෙහි සිටිති. (යෙසාස 6 – 3 ගීතා 80.2) (ජෝබ් 5.1) ඔව්හු දෙවි සමිඳුන්ගේ දූතයන් සේ ක්‍රියාකරයි. ( උත්.11.7) නික්මයාම (3.2) විශේෂ දේවදූත සේවාව සඳහා සමිඳුන් ඔවුන් යවනු ලබයි. (නොබින් (12.15)

සුරදූතයන් යන නමින් අදහස් කරනුයේ ස්වභාවයට වඩා කාර්භාරයක්ය. හීබෲ සහ ග්‍රීක භෘෂාවලින් සුර දූතයා යන නාමයක් අරුත් ගන්වන්නේ පණිවඩුකාරයෙක් යන අර්ථයය. සුරදූතයින් ප්‍රානේන්ද්‍රීය (ආත්මය) සහනයට අයත් දේව සේවයේ නියුක්තවූ දෙවි මහෝතමයානන්ගේ ධර්මදූත කාර්යක් සඳහා පිටත් කර යවනු ලැබූවන්ය. විවිධ වර්ගයේ දේවදූතයන් සිටින බවට පැරැණි ගිවිසුම සාක්‍ෂි දරන්නේ ය. කෙරුබ්බවරු සෙරාස්වරු මේ අතරින් ප්‍රමුඛ වේ. දේව දූතයන්ගේ භූමිකාව සරලව ගතහොත් මනුලොව හා සුරලොව අතර සම්බන්ධකමක් ගොඩ නැඟීමය. දෙවි මහෝත්මයාණන් වහන්සේ ඊශ්‍රායලය ආරක්‍ෂා කිරීමට උන්වහන්සේගේ යහපත් සූරදූතයින් පිටත් කර යැවීය. මේ අතර අයහපත් සුරදූතයින්ගේ කාර්ය බවට පත්වූයේ දෙවියන් වහන්සේ තෝරා පත් කරන ලද ජනතාවට දුක්මුසු පුවත් ගෙන යෑමය. (ගීතාවලිය 678:49) දේව දූතයා තමන්ට පැවරූ කාර්ය භාරය අනුව නම් ලදහ. මේ අනුව රැපියෙල් දූතයා සුව කිරීමේ දූතයා ලෙසත්, ග්‍රාබ්‍රියෙල් දූතයා සවිය දානය කිරීමේ දූතයා ලෙසත් මිකායෙල් දූතයා දේව යන සමානකම කවුරුද යන අරුත ඇතිව නම් කර ඇත. මේ අතර විශේෂයෙන් කන්‍යා මර්යාවන්ට මංගලම් කීම සනිටුහන් කර ගාබ්‍රියෙල් දූතයා ප්‍රධාන ස්ථානයක් හොබවයි. මාංශගතවීම ලොව ප්‍රකාශ කරන්නට එතුමන් වරම් ලද සේක. මේ අතර අප අසල ම සිට අප ශක්තිමත් කරන හෙයින් රැකවල් දූතයින් හැඳින් වියහැක.

ජෝ. සංගපාල ආරච්චි
පමුණුගම

advertistmentadvertistment
advertistmentadvertistment