පාසල් සිසුන් හරහා ‘අයිස්’  ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණයක්

88

– සුරාබදු කොමසාරිස් ජනරාල් හෙළි කරයි
 

 පාසල් දරුවන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි.

 ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමාජය තුළ විශාල ලෙස මුල් බැසගෙන එය සමාජ ව්‍යසනයක් වී ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

 ඊයේ (10දා) ගම්පහ පැවැති සම්මන්ත්‍රණයකදී හෙතෙම මේ බව පැවැසීය. සති දෙකකට පෙර ගම්පොළ ප්‍රදේශයේදී ‘ෆේස්බුක්’ සාදයත් වැටලීමෙන් අවුරුදු 14-15 දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ආකාරය පෙනී ගියා. මීට පෙර අපි කතා කළේ හෙරොයින් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් ගැන. නමුත් අද කතා කරන්න වෙලා තියෙන්නේ වෙනත් දෙයක් ගැන. අපි දරුවන්ගෙන් සහ

 දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා කිසිම අවස්ථාවක මෙම මත්ද්‍රව්‍ය ‘ටෙස්ට්’ කරන්න යන්න එපා කියලා. එක වතාවක් ඒ දේ කළොත් ආපසු ගැලවෙන්න බැරිවන තරමට එයට ඇබ්බැහි වෙනවා යැයි ද සුරාබදු කොමසාරිස් ජනරාල්, එම්. ජේ. ගුණසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment