පාර්ලිමේන්තුව රැස්වේ

50

මන්ත්‍රීවරුන් විසින් මීට පෙර අසන ලද ප්‍රහ්න 46ක් සඳහා පිළිතුරු සැපයීම වෙනුවෙන් පාර්ලිමේන්තුව අද (04) පෙරවරු 10ට රැස්විය.
මේ අනුව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තුවේ අද (04) දින පෙරවරු 10 සිට පස්වරු 03.30 දක්වා සම්පූර්ණ කාලය වෙන් කෙරෙනු ඇත.

මේ අතර 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝගල 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත යටතේ 2270රැ59 සහ 2280රැ32 අංක දරන ගැසට් පත්‍රවල පළ කළ නියෝගල රේගු ආඥා පන‍ත ය‍ටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් වන යෝජනා සම්මතය සහ 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය යටතේ යෝජනා සම්මතය 05 දින විවාද කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

තවද 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6 ක්ද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2282\21 සහ 2282\22 යන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසිද එදින විවාද කිරීමෙන් පසුව සම්මත කර කරගැනීමට නියමිතය.

අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය වෙන්කර ඇතග ආණ්ඩු පාර්ශ්වය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ප.ව 4.50 සිට 5.30 පැවැත්වීමට තීරණය කර ඇතැයි මහලේකම් කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment