යතුරු පැදියෙන් පාපැදියට මාරුවූ පියා මරුට බිළි

214

සිය යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් හේතුවෙන් පාපැදියක් අලුත් වැඩියා කිරීමෙන් පසු එම පාපැදියේ නැගී නිවසට එන අතරතුරදී තිරිංග නිසි අන්දමින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදුවූ අනතුරකින් පාපැදිකරු මිය යාමේ යෝචනීය පුවතක් දුම්මලසූරිය පොලිස් වසමට අයත් යගම්වෙල ප්‍රදේශයෙන් වාර්තා වේග.

මෙසේ මියගොස් ඇත්තේ දුම්මලසූරිය යගම්වෙල අක්කර 50 ප්‍රදේශයේ පදිංචිව සිටි රණතුංග ආරච්චිගේ මහේෂ් සාලිය නැමැති 39 හැවිරිදි එක් දරු පියෙකි.

ඔහු පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් යතුරුපැදියෙන් රැකියාවට යානොහැකි නිසා නිවසේ ඉවත දමා තිබූ පාපැදියක් අලුත් වැඩියා කර නිවසට පැමිණෙන අතරතුරදී මාර්ගයේ බෑවුම් සහිත ස්ථානයකදී එහි තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පාපැදිය මාර්ගය අසල නිවසක බිත්තියේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් හිසට බරපතල හානි සිදුවී එම ස්ථානයේම මියගොස් තිබේ.

එදින දුම්මලසූරිය ප්‍රදේශයේ පාපැදි අලුත් වැඩියා කරන ස්ථානයකින් අලුත්වැඩියා කටයුතු අවසන් වනවිට රාත්‍රී 08 පමණ වූ නිසා මියගිය අයගේ පියා ඔහුගේ බඩී වර්ගයේ ලොරි රථයෙන් පැමිණ නිවසට පාපැදිය ලොරි රථයේ රැගෙන යමු කියා යෝජනා කළ ද අලුත්වැඩියා කරීමෙන් පසු එම පාපැදිය පැද ගෙන යාමට ඇති කැමැත්ත නිසා ඔහු සිය පියා නිවසට පිටත්කර යවා පාපැදියෙන් පැමිණෙන අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment