ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට යයි

208

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවෝ 8ක් සහ ක්‍රීඩකයෝ 5ක් තායිලන්තය බලා පිටත්ව ගියහ. මේ මස 12 සිට 16 දක්වා බැංකොක්හි සුපචලසායි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට රටවල් 42කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600ක් පමණ සහභාගී වෙති.

ශූරතාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

පිරිමි – අරුණ දර්ශන, රජිත රාජකරුණා (මීටර් 400, 400 සහාය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම), කාලිංග කුමාරගේ, පබසර නිකූ, පසිඳු කොඩිකාර (මීටර් 400 සහාය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම)

කාන්තා – නදීෂා රාමනායක (මීටර් 400, 400 සහාය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම), ගයන්තිකා අබේරත්න (මීටර් 800 සහ මීටර් 1500), තරුෂි කරුණාරත්න (මීටර් 800, මීටර් 400, 400 සහාය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම), සයුරි මෙන්ඩිස් (මීටර් 400 සහාය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම), නිෂේන්ද්‍රා ප්‍රනාන්දු (මීටර් 400 සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400 සහාය දිවීම), සාරංගි සිල්වා (දුර පැනීම), රන්දි කුරේ (තුන් පිම්ම), නදීෂා ලේකම්ගේ (හෙල්ල විසිකිරීම) ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු හා ලේකම් සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරු සමඟ.

ඡායාරූපය-කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment