සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශන ශාලා 32 කට බසී… සිනමා ශාලා වසාදමා සුපර්මාර්කට් හදයි

3911

සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා පැවැති සිනමා ශාලා වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගැනීමත් කොවිඞ් වසංගතයෙන් පසු චිත‍්‍රපට ප‍්‍රදර්ශනය නොවීම නිසා එම තත්ත්වය තවත් දරුණු අතට හැරීමත් හේතුවෙන් සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශනයට පැවැති සිනමා ශාලා 32ක දක්වා අඩු වී ඇති බව චිත‍්‍රපට නිර්මාණකරුවෝ පවසති.

මේ නිසා චිත‍්‍රපට නිර්මාණය කළ ද එහි වියදම පියවා ගැනීමටවත් චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරගත නොහැකි තත්ත්වයකට සිංහල චිත‍්‍රපට කේෂත‍්‍රය කඩා වැටී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශන ශාලා 32 කට බසී... සිනමා ශාලා වසාදමා සුපර්මාර්කට් හදයි

‘‘හැත්තෑව දශකය අවසාන වෙද්දි අපට සිනමා ශාලා 400කට වඩා තිබ්බා. අද වෙනකොට සිංහල චිත‍්‍රපට පෙන්වන්න එයින් ඉතිරිවෙලා තියෙන්නෙ ෆිල්ම් හෝල් 32 ක් විතරයි. මිනි හෝල් තිබ්බට ඒවයින් වැඩක් වෙන්නෙ නෑ. ඉංග‍්‍රීසි දමිළ චිත‍්‍රපට පෙන්වන හෝල් සිංහල චිත‍්‍රපට ගන්නෙ නෑ. කොවිඩ්වලින් පස්සෙ මේ කඩා වැටීම තවත් දරුණු වුණා’’ යැයි මේ පිළිබඳ අදහස් දක්වන චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ඩොනල් ජයන්ත පවසයි.

සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශන ශාලා 32 කට බසී... සිනමා ශාලා වසාදමා සුපර්මාර්කට් හදයි

සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා පැවැති ශර්මිලා රාජගිරිය, ඉම්පාලා රාජගිරිය, කුවිලන් නුගේගොඩ, ලැවීනියා නුගේගොඩ, ටි‍්‍රයෝ දෙහිවල, කල්පනා කිරුළපන, ක‍්‍රවුන් මරදාන, ගාමිණි මරදාන, නිව් ඔලින්පියා මරදාන, සෙන්ට‍්‍රල් මරදාන, මානෙල් දෙමටගොඩ, අශෝකා ග‍්‍රෑන්ඞ්පාස්, නිව්ජෙන් රාගම, රිජ්වේ මහබාගේ, මූවි ටොන් දළුගම,රියෝ කොම්පඤ්ඤ වීදිය, රෝයල් ජයසීරි මට්ටකුලිය, විලාසිනි වැල්ලම්පිටිය, විජිත රත්මලාන, සමුද්‍ර වත්තල, ප‍්‍රියංගි හෝමාගම, අප්සරා හෝමාගම, ලංකා වාද්දුව, ඉම්පීරියල් සහ චන්ද්‍රා අවිස්සාවේල්ල, ශ‍්‍රී දේවි පිළියන්දල, නිව් රශ්මි රත්නපුර, ඕඩියන් ගල්කිස්ස, චිත‍්‍රා කළුතර, මේකලා ගම්පහ, නයෝමි ගම්පහ, පබ්ලික් හෝල් ගම්පහ, මෙට්ට්‍රෝ නුගේගොඩ, අනූෂා මහරගම, මාෂා පානදුර, ජීවන් පානදුර, රීගල් නුවර, චාන්දනී වැලිගම, නිව් සිනමා කුරුණැගල, මොර්ඩන් කුරුණැගල, ඉන්ද්‍රා නාරම්මල, ශාන්ති පොල්ගහවෙල, තුසිත පේරාදෙණිය, ධනසිරි වරකාපොළ, අශෝකා වරකාපොළ, සමුද්‍රා අම්බලන්ගොඩ, හිමාෂා හම්බන්තොට, හිමාලි හංවැල්ල, සීතා පිළිමතලාව, නිල්වලා අකුරෑස්ස, ඔසාකා නිට්ටඹුව, තුසිත දෙණියාය, බ්‍රෝඩ්වේ මාතර, සරසවි ගාල්ල වැනි සිනමා පසුගිය වසර කිහිපයේදී වසා දැමීමට ලක්ව තිබේ.

සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශන ශාලා 32 කට බසී... සිනමා ශාලා වසාදමා සුපර්මාර්කට් හදයි

‘‘මේ වෙනකොට ගම්වල තිබෙන සිනමා ශාලා ඔක්කොම වහල දාලා. කොළඹ ඉතුරුවෙලා තියෙන්නෙ උඩ තට්ටුවල තියෙන සිනමා ශාලා කිහිපයක් විතරයි. ගොඩක් හෝල් සුපර් මාර්කට්වලට දීලා. ඉතින් කොහෙද අපි චිත‍්‍රපට පෙන්වන්නේ. ඉන්දියාවේ චිත‍්‍රපට කර්මාන්තය තියෙන්නෙ තුන්වැනි තැන. ලංකාවේ චිත‍්‍රපට තියෙන්නෙ පනස් පස්වැනි තැන. මේක හදන්න නම් රජය හරි විදියට මැදිහත් වෙන්න ඕන.’’ ඔහු වැඩිදුරටත් පවසන්නේය. සිනමාවේ කඩා වැටීමට විද්්‍යුත් නාලිකාවල උදේ සිට රාත‍්‍රීවන තුරු අසීමිතව චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම සිනමා ශාලාවලට පේ‍්‍රක්ෂකයන් නොපැමිණීමට වක‍්‍රව බලපා ඇති අතර එය සිනමාවේ මෙම කඩා වැටීමට හේතුවක් වී ඇති බවද ඔවුන් පෙන්වා දෙන්නේය.

  • තිස්ස ගුණතිලක
සිංහල චිත‍්‍රපට ප‍්‍රදර්ශන ශාලා 32 කට බසී... සිනමා ශාලා වසාදමා සුපර්මාර්කට් හදයි
advertistmentadvertistment
advertistmentadvertistment