අසත්‍ය ප්‍රචාරයක් ගෙනගිය මිහිජය සෙවණ ඕඅයිසීට විනය පියවර ගන්න – කංජිපානි ඉම්රාන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

3260

තමා 2024.02.05 වැනිදා මිහිජය සෙවණ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් මරණ තර්ජන කළ බවට එක්තරා විද්‍යුත් නාලිකාවක් විසින් විකාශය කළ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බැවින් එවැනි අසත්‍ය ප්‍රචාරයක් ගෙනගිය එම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නිසි විනයානුකූල පියවර ගන්නා ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු යැයි කියන කංජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නමැත්තා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.

ප්‍රතිවාදී පාතාල කල්ලිවලින් මෙන්ම ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ද සිය ජීවිතයට එල්ලවී ඇති තර්ජන නිසා තමාට තැනින් තැන සැඟවී සිටීමට සිදුවී ඇති බවත්, එලෙස තිබියදී මෑතකදී රන්දිය උයන මහල් නිවාස අසලදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම පොලිස් ස්ථානාධිපතිවරයාට තමා දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කළ බවට එම ප්‍රවෘත්තියෙන් ප්‍රචාරය කළ බවත් හෙතෙම එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ. එම පොලිස් ස්ථානාධිපතිවරයා එලෙස අසත්‍ය ප්‍රචාර ගෙනයනුයේ ප්‍රසිද්ධියක් ලබාගැනීමට හා මරණ තර්ජන ඇති බව හඟවා විදේශ රටක වීසා ලබාගැනීමේ අරමුණින් බවට හැඟෙන්නේ යැයි ද කංජිපානි ඉම්රාන් නමැත්තා සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment