රුවන්වැලි මහ සෑ චූඩා මාණික්‍ය ගැන අසත්‍ය ප්‍රචාර කළ අයෙක් අත්අඩංගුවට

889

රුවන්වැලි මහ සෑ චෛත්‍යයේ චූඩා මාණික්‍ය පැළඳවීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ බව කියන අනුජ ජයසිංහ නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අටමස්ථානාධිපති හා එවක රුවන්වැලි සෑ විහාරාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිපාණන් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

2019 වසරේ රුවන්වැලි සෑ චෛත්‍යයේ තිබූ චූඩා මාණික්‍යය අකුණුසර වැදීමකින් ආපදාවකට ලක්ව තිබීම නිසා එහි තිබූ චූඩා මාණික්‍යය වෙනුවට නව චූඩා මාණික්‍යයක් පැළඳවීම සිදුකර තිබේ.

මේ සඳහා ක්‍රියා කිරීමේදී කෝටි 4000 කට ආසන්න වංචාවක් සිදුව ඇති බව යූටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

එය විනාඩි 56 ක කාලයකින් යුක්ත වූවක් බව පොලිසිය කියයි. තවත් එවැනිම සම්මුඛ සාකච්ඡාවක් යූටියුබ් නාලිකාවක් ඔස්සේ විනාඩි 26ක කාලයක් ප්‍රචාරය වී ඇත.

එහිදී කෝටි 15,000 ක වංචාවක් කළැයි අසත්‍ය ප්‍රචාර කිරීම ගැන පුද්ගලයන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මෙසේ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔහු මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment