අනුරපුර ගල්ගෙඩියාව පාලම කැඩී වසර 3 පහුවෙලා – උණ ලී පාලමේ පවුල් 5000ක් මරු කටේ

159

ගම්පොළ නගර සභා බල ප්‍රදේශයේ ඇති ගල්ගෙඩියාව පාලම කඩා වැටී වසර 3කට අධික කාලයක් ගත වුවත් එය මෙතෙක් ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් ඡන්ද බල කොට්ඨාස දෙකකට අයත් පවුල් පන්දහසක් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි එම ප්‍රදේශවාසීහු පවසති.

ගල්ගෙඩියාවල, දෙල්ගොල්ල, දිද්දෙණිය, රත්වත්ත, කිරින්ද සහ ගාල්කොහෝ ඇතුළු ගංහත දක්වා මෙම මාර්ගය ප්‍රයෝජනයට ගන්නා බව ගම්මු පවසති.

ඔවුන් සඳහන් කරන්නේ මේ වන විට ගම්වාසීහු එක්ව කිතුල් ලී, උණ ගස්, පුවක් ආදිය යොදාගෙන හත් අට වතාවක් මෙම පාලම සකස් කර ගත්තද වර්ෂාව සමග ඇළේ ජලය වැඩි වීම සමග එම ලී පාලම් ගසාගෙන ගිය බවයි. මේ හේතුව සමග ගම්මාන තුළට ත්‍රිරෝද රථයක්වත් යෑමට ඒමට නොහැකි තත්ත්වයෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බව පවසන මොවුන් මේ නිසාම කිහිප අවස්ථාවක රෝගී වූ පිරිසට නිසි කලට ප්‍රතිකාර ගැනීමට නොහැකිව ඔවුන් මියගිය බවද සඳහන් කරයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment