උඩහමුල්ලේදී හදපු Kaushi මාලේදී පෙන්වයි…

275

මාලදිවයින සහ ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය එකට යා කළ නවතම චිත්‍රපටයක් වන Kaushi සිනමා නිර්මාණය එළැඹෙන ජූලි 19 වැනිදා සිට මාලදිවයින පුරා තිරගත වීමට නියමිතය. මාලදිවයිනේ ජනප්‍රියම නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන Seaxen Ali ගේ මූලිකත්වයෙන් නිර්මාණය වී තිබෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා සියල්ලම පාහේ රඟපාන්නේ ලාංකීය අපට හුරුපුරුදු, මෙරට ජනප්‍රිය නළු නිළියන් පිරිසක් විසිනි.

මෙහි අමිල කරුණානායක සහ රංගි රාජපක්ෂ ප්‍රධාන චරිත රඟපාන අතර ඊට අමතරව සකුරා අත්තනායක, ඉසුරු සම්පත්, බියංක අමරසිංහ රංගනයෙන් දායක වෙති. Kaushi හි රූගත කිරීම් සියල්ලම පාහේ සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ උඩහමුල්ල ප්‍රදේශය ආශ්‍රිතවය. Seaxen Ali දෙවරක්ම එරට ජාතික සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ඔහු සාර්ක් සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූවෙකි. නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙකු, සංස්කරණ ශිල්පියෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙසත් එරට සිනමා ක්ෂේත්‍රයට දායකත්වය ලබා දී ඇත.

Kaushi භාෂා ද්විත්වයෙන්ම තිරගත වන නිසා චිත්‍රපටයේ තිරපිටපත් රචනය දෙදෙනෙකු විසින් සිදුකර තිබේ. ඒ අනුව මාලදිවයින් පිටපත නිෆර් ඊබ්‍රහිම් විසින් සහ සිංහල පිටපත ඉෂාර ධනසේකර විසින් රචනා කර ඇත. අධ්‍යක්ෂණයට අමතර Kaushi හි සංස්කරණය සිදු කර තිබෙන්නේ ද Seaxen Ali විසිනි. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා Shivaaz Abdulla වන අතර සංගීතය Ayyuman Shareef ගෙනි. සහාය අධ්‍යක්ෂකවරයා වන්නේ Ishan Iqbalhs. සහන් දේශප්‍රිය වේෂ නිරූපණ ශිල්පියා වශයෙන් කටයුතු කර තිබේ. මෙම විදෙස් සිනමා නිර්මාණය එළැඹෙන ජූලි 19 වැනිදා සිට මාලදිවයින පුරා තිරගත වීමෙන් අනතුරුව ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළත් ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදකවරු සැලසුම් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment