දියවැඩියා රෝගීන්ගේ දෙපාවල තුවාල සුව නොවීමට හේතු

1552

දියවැඩියා රෝගීන්ට තිබෙන බරපතළම ගැටලූව වන්නේ තුවාලයක් සෑදුනවිට ඉක්මනින් සුව නොවීමය. පාදයක තුවාලයක් සෑදුනොත් සමහර අවස්ථාවල එහි අවසාන ප‍්‍රතිකාරය වන්නේ පාදය ඉවත් කිරීමය.

 දියවැඩියා රෝගීන්ගේ තුවාල ඉක්මනට සුව නොවීම හේතුව මත ඉක්මනින් සුවකර ගැනීමට ක‍්‍රියාමාර්ග ගත යුතුය.

 සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන්ගෙන් සියයට අනූවක්ම තුවාල කල් ගතවූ ඒවාය.

 දියවැඩියා රෝගීන්ට වැඩිපුරම තුවාල හැදෙන්නේ පාදවලයි. කාලයක් යනවිට පාදයේ ස්නායුවලට දැනීම නැති වෙනවා. පාදයේ හිරි වැටීම් ඇති වෙනවා. කටුවක් ඇනුනත් දැනෙන්නේ නැතිව යනවා. ඊට පස්සේ කකුල් වියළි බවට හැරී පැළෙනවා. පසුව විෂ බීජ ඇතුළු වී පැසවනවා. ඊට පසු තුවාලයක් බවට පත් වෙනවා. නමුත් තුවාලයට අවධානය යොමුවන විට ටික කාලයක් ගතවෙලා. ඔවුන් නිසි ප‍්‍රතිකාර ගැනීමට රෝහලකට එන්නේ නැතිව විවිධ දේවල් කරනවා.

 ඒවායිනුත් විෂබීජ ඇතුළුවී තුවාලය වර්ධනය වූ පසු කොහෙන් හරි බෙහෙත් දාගන්නවා. එහිදී හරිහැටි ප‍්‍රතිකාර සිදු නොවීම නිසා සිදුවන්නේ තුවාලය තව තවත් උත්සන්න වීමයි. එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ කකුල කැපීමට සිදුවීමය.

 රුධිරයේ සීනි මට්ටම වැඩිවන විට බැක්ටීරියා ආසාදනය වැඩි වෙනවා. දියවැඩියාව නිසා පෙරිපෙරල් නියුරෝපති (Peripheral Neuropathy) තත්ත්වය ඇති වෙනවා. ඒ සමගම වැස්කියුලර්පති (Vasculopathy) තත්ත්වය ඇති වෙනවා. එම තත්ත්වයන් පාද වලට බලපානවා.

 දියවැඩියා රෝගියෙකුගේ තුවාලයක් දවසෙන් දෙකෙන් සුව කරන්න බැහැ. තුවාලය සුවවූ පසු නැවත නැවත සෑදීමට පුළුවනි. එසේ ඇති නොවීමට කළ හැකි ප‍්‍රතිකර්ම ලබා දෙනවා. සීනි පාලනය, සපත්තු පැළඳීම, ආහාර රටාව ආදිය ගැන උපදෙස් දෙනවා.

 දියවැඩියා රෝගීන්ට සපත්තු වෙළෙඳ පොළේ තිබුණත් ඒවා එක් එක් රෝගියාට සුවිශේෂි විදියට හදපු ඒවා නොවෙයි .ඒවා පාවිච්චි කිරීමේදී වැරදි විදියට කකුල තැබීමෙන් විවිධ තැන්වල පීඩනයේ වෙනස්වීම් ඇති වෙනවා. එනිසා කකුලට ගැළපෙන විදියට සපත්තුව නිර්මාණය කළ යුතුයි.

දියවැඩියා රෝගීන්ගේ දෙපාවල තුවාල සුව නොවීමට හේතු



 සාකච්ඡා කළේ  අහංගම සුගතපාල දීයගහගේ

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment