සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයිනට බැංකු 08කින් ණය පහසුකම්

296


ඇමෙරිකානු ඩොලර් මිලියන 13.5 ක් ( රුපියල් කෝටි 4,90 ක් )
බැංකු හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා කාරක ප්‍රාග්ධන ණය වශයෙන් ලබා ගත හැකි බව මුදල් අමාත්‍යංශය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය යටතේ ආර්ථික අර්බුදය නිසා බිදවැටුනු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා මෙසේ කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබාදෙනු ලබයි.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ එක් බැංකුවකට රුපියල් මිලියන 612 බැගින් 2022.10.05 දින සිට ලබා දුන් බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව,සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු අට යටතේ දැන් ණය ලබාගත හැකි බව ද මුදල් අමාත්‍යංශය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment