පෝලිමේ සිටියදී සීයා පැත්තකට කඩා වැටී බිම වැටුණා – මිනිබිරිය සාක්‍ෂි දෙයි

355

අස්වැසුම පෝලිමේ මරණය

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අස්වැසුම සහනාධාරය බැඳුණු රාජකාරියක් ඉටුකර ගැනීමට පැමිණි පුද්ගලයකු 27දා උදේ පෝලිමේ සිටියදී බිම වැටී මියගිය අතර එම මරණය හදිසි හෘදයාබාධයක් නිසා සිදුවී ඇති බවට හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්වූ ඇල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක එස්. ජයසේකර මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව තීරණය කළේය.

මියගිය අය නමුණුකුල, පිංඅරාව වත්ත, තේ කර්මාන්ත කොටස පදිංචිව සිටි 77 හැවිරිදි රාමසාමි උලන්දවේළු නමැති විශ්‍රාමික වතු සේවකයෙකි.

පශ්චාත් මරණ පරීක්‍ෂණය බදුල්ල ශික්‍ෂණ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඒ. ජේ. එන්. පුෂ්පමාලි මහත්මිය විසින් සිදුකරන ලදී.

ඇල්ල පොලිසියේ පො.කො. (42874) දේශප්‍රිය මහතාගේ සාක්‍ෂි මෙහෙයවීම යටතේ මිනිබිරියක් වන මනෝහරන් යෝගිස්වරී (21) මෙසේ සාක්‍ෂි දුන්නාය.

අස්වැසුම බාර්කෝඩ් එක චෙක්කර ගන්න උදේ හයට පමණ ගෙදරින් පිටත් වී ප්‍රා.ලේ. කාර්යාලයට උදේ හතහමාරට පමණ ඇවිත් පෝලිමේ සිටියදී සීයා පැත්තකට කඩාවැටී බිම වැටුණා. කට්ටිය මුහුණට වතුර ගැහුවා. 1990 ගිලන් රථයේ පැමිණි අය සීයා පරීක්‍ෂාකර මියගොස් ඇති බව පවසා යන්න ගියා.

අයියා කෙනකු වන සාමිනාදන් සාක්ෂි දෙමින් මිය ගිය අය දෙවසරක සිට දියවැඩියාව සහ හෘදයාබාධ රෝග සඳහා සායනික ප්‍රතිකාර ලබන බව ප්‍රකාශ කළේය.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment