සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පිළිබඳ සම්පාදිත ඡායාරූපමය චරිතාපදානයේ දෙවැනි මුද්‍රණය එළිදකී

69

ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පිළිබඳ සම්පාදිති ‘SIRIMAVO – Steering the Destiny of a Nation’ නමැති ඡායාරූපමය චරිතාපදානයේ (pictorial biography) දෙවැනි මුද්‍රණය පසුගියදා නිකුත් විය. බොහෝ දෙනාගේ ඉල්ලීම මත සීමිත මුද්‍රණයක් ලෙස මෙය ප්‍රකාශයට පත්කොට තිබේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පිළිබඳ සම්පාදිත ඡායාරූපමය චරිතාපදානයේ දෙවැනි මුද්‍රණය එළිදකී

මෙහි පළමු මුද්‍රණය 2022 මාර්තු මස නිකුත් වූ අතර මාස කිහිපයක් තුළ සියලු මුද්‍රිත පිටපත් විකිණී අවසන් විය. දේශීය සහ විදේශීය වශයෙන් ලද විවිධ ඉල්ලීම් නිසා මෙම ග්‍රන්ථයේ දෙවැනි මුද්‍රණයක් ලෙස සීමිත පිටපත් සංඛ්‍යාවක් නිකුත් කිරීමට තීරණය කළ බව බණ්ඩාරනායක කෞතුකාගාර කමිටුව ප්‍රකාශ කරයි. ජාතික සහ ජාත්‍යන්තර ක්ෂේත්‍රයන්හි නව මංපෙත් විවර කළ සිරිමාවෝ බණ්ඩාරනායක නමැති රාජ්‍ය නායිකාවගේ සුවිශේෂ චරිත කතාව, ඡායාරූපවලට ප්‍රමුඛත්වය දෙමින් නැවුම් ආකෘතියක් ඔස්සේ මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කොට ඇත. පිටු 444 සහිත මෙම ග්‍රන්ථයේ ඉතා දුර්ලභ හා ඓතිහාසික වශයෙන් වැදගත් ඡායාරූප 300ක් පමණ අන්තර්ගත වෙයි. මින් බොහොමයක් ඡායාරූප මීට පෙර ප්‍රසිද්ධියට පත් නොවූ ඒවා වීම විශේෂත්වයකි.

‘SIRIMAVO – Steering the Destiny of a Nation’ ග්‍රන්ථය බණ්ඩාරනායක කෞතුකාගාර කමිටුවේ ප්‍රකාශයකි. මෙය සරත් පෙරේරා, නාලක ගුණවර්ධන සහ ඩබ්ලිව් එම් කේ විජයබණ්ඩාර යන ප්‍රවීණ වෘත්තිකයන් තිදෙනාගේ සංස්කරණයකි. බෙදාහැරීම සරසවි පොත්හල මගින් සිදු කෙරේ.

බණ්ඩාරනායක මැතිනිය, එවකට අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව, එවක අමාත්‍යවරුන් වූ පී. බී. ජී. කළුගල්ල, පීටර් කේනමන්, මෛත්‍රිපාල සේනානායක සමග සහ විදේශ රටකදී ලැබුණු ගෞරවය

advertistmentadvertistment
advertistmentadvertistment