ඩොලර් විජ්ජාවෙන් අලුත් අවුරුද්දට බඩු හිඟයක්!

508

ආනයනකරුවෝ අනතුරු අගවති

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් වන්නට පසුගිය දිනවල ඉඩදීමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට දරාගත නොහැකි පාඩුවක් සිදුවී ඇතැයි වාර්තා වේ. එබැවින් ඩොලරයේ අගය පාලනය කිරීමට පියවර නොගතහොත් ආනයන කටයුතු අවුල් වී රට තුළ බඩු හිඟයක් යළි මතුවිය හැකි යැයි ආනයනකරුවෝ අනතුරු අඟවා සිටිති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සම්බන්ධයෙන් හෙට (20 දා) සුබවාදී තීරණයක් ලැබුණහොත් ඉන් මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණය ලබා ගැනීමට පෙර මේ සම්බන්ධව අවධානය යොමුකරන ලෙසද ආනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.

එසේ නොවුණහොත් හිටිහැටියේ රුපියල ශක්තිමත් වීමෙන් වැඩි මුදලට ඩොලර් ගෙවා ඇණවුම් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාඩුපිට විකිණීමට සිදුවන බව ද ඔව්හු කියා සිටිති.

ඒ අනුව එළඹෙන අවුරුදු සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟවීමට හැකි යැයි ඔව්හු කියා සිටිති.

කමල් බෝගොඩ, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment