ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් අභාප්‍රාප්ත වෙයි

330

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත විය.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු ඒ මහතා පසුව මියගිය බව පවුලේ ප්‍රකාශිකාවක් ‘දිවයින’ට ඊයේ (22 දා) පැවසුවාය.

මියයන විට 64 වැනි වියේ පසුවූ ඒ මහතා, රූපලාවන්‍ය වැඩමුළු, මනාලියන් දැක්මවල් මෙන්ම නොමිලේ රූපලාවන්‍ය වැඩමුළු දිවයින පුරා සංවිධානය කරමින් කාන්තාවන් හා තරුණ පිරිස් වෙත රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර දැනුම නිර්ලෝභීව බෙදාදීමට මහඟු සේවාවක් ඉටුකළ විශිෂ්ට රූපලාවන්‍ය ශිල්පියෙක් ද විය.

ජාතික තරුණ සේවා සභාවෙන් බිහිවූ ඔහු මේ රටේ තිස්දහසකට අධික සිසු සිසුවියන් පිරිසකට සිය රූපලාවන්‍ය ශිල්පය පිළිබඳ දැනුම ලබාදුන් ආදරණීය ගුරුවරයකු ද විය.

එමෙන්ම ඔහු ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහන තුළින් ද, පුවත්පත් හරහා ද තම දැනුම නිර්ලෝභීව ලබාදුන් ශිල්පියකු ද විය.

ඒ මහතාගේ දේහය මේ වන විට මීගොඩ, පුවක්වත්ත, අංක 169 දරණ නිවසේ මහජන ගෞරව සඳහා තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (25 දා) සවස 5.00 ට මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment