වාරියපොළ ජාතික පාසලේ සපුමල් දරුවාගේ ජීවිතය බේරා ගනිමු

100

වාරියපොල ශ්‍රී ඥානෝදය ජාතික පාසලේ ජීව විiා විෂය ධාරාවෙන් ඉගෙනුම ලබන වාරියපොල අවුලේගම පැටාපොල යන ලිපිනයේ පදිංචි කේ. එම්. සපුමල් විරාජ් පියරත්න සිසුවා දරුණු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා රතු ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් කළ යුතු බව මහරගම අපේක්‍ෂා රෝහලේ ශල්‍ය විශේඥ වෛi ප්‍රදීප් සිරිවර්ධන මතා පවසා ඇත.

ඒ සඳහා රුපියල් ලක්‍ෂ 50 ක පමණ මුදලක් වැයවන බවත් පවසා ඇත. ආර්ථික වශයෙන් ශක්තිමත් නැති සපුමල් සිසුවාගේ දෙමාපියන් තම දරුවාගේ ජීවිතය රැක ගැනීම සඳහා පරිත්‍යාගශිලීන්ගෙන් ආධාර උපකාර අපේක්‍ෂා කර සිටී. මෙම ශල්‍යකර්මය දැනට රජයේ රෝහල්වල සිදුනොකරන නිසා එය කොළඹ නවලෝක රෝහලේදී සිදුකිරීමේ හැකියාව පවතින බවද වෛi නිර්දේශ ලැබී ඇත.

අවුලේගම සංඝබෝධි පාසලෙන් සාමාන්‍ය පෙළ හදාරා උසස් පෙළ හැදෑරීම සඳහා මෙම සිසුවා ජීව විiා අංශයට ඇතුළත් වී අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු රෝගාතුරවී ඇත.

දරුවාගේ රෝගය සුවකර ගැනීම සඳහා හැකි අය වෙතොත් කේ. එච්. පියරත්න (පියා) ගිණුම් අංක 8174005994 වාරියපොල කොමර්ෂල් බැංකුව ගිණුමට හෝ කේ.ආර්.පී.එන්. සමරකෝන් (මව) ගිණුම් අංක 163-2-001-3-0064853 වාරියපොල මහජන බැංකුවේ ගිනුමට බැරකරන ලෙස ඔවුන් ඉල්ලා සිටි. පියා (077-6793557) මව (076-2987425) අංකවලින්ද වැඩි විස්තර විමසීම් කළ හැක.

advertistmentadvertistment
advertistmentadvertistment