වලානේ එස්අයි  ලෙස රඟපා මත් ජාවාරමකුගෙන්  කප්පම් ගන්න ගිය  – හිටපු නාවික සෙබළා දැලේ

209

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස පෙනීසිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් රුපියල් ලක්‍ෂ 05 ක කප්පමක්

ගැනීමට උත්සාහ කළ හිටපු නාවික හමුදා සෙබළෙක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (18දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පාදුක්ක ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම ජාවාරම්කරු විසින් වලාන දූෂණ මර්දන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු බව කියන පුද්ගලයකු තමාගෙන් ලක්‍ෂ 05 ක කප්පමක් ඉල්ලා සිටින බවත් එය නොදුනහොත් මත්කුඩු දමා නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කළ බවත් නිලධාරීන්ට පවසා ඇත.

ඒ අනුව වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායම සැකකරු විසින් ජාවාරම්කරුට ඇමතුම ලබාදුන් දුරකථන අංකයට ඇමතුමක් දී මුදල් ලබාදීමට හොරණ ප්‍රදේශයට ගෙන්වාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ගෝල්ෆේස් අරගල භූමියේ මසක පමණ කාලයක් රැඳී සිටිමින් විවිධ පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගෙන ඇති බවද හෙළිකර ගෙන ඇත. සැකකරු විවිධ පුද්ගලයන්ට තර්ජනය කිරීම සඳහා 072-4340725 අංකය භාවිත කර ඇති බවත් එම අංකයෙන් දුරකථන ඇමතුම් ලැබී ඇති අය සිටිනවා නම් වලාන දූෂණ මර්දන ඒකකයට දැනුම්දෙන ලෙසත් පොලිසිය ඉල්ලා සිටී.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ උදය කුමාර මහතාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක ජනිත, පොලිස් සැරයන් වරුන් වන (428) ජයලාල්, (1445) බටුවත්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (31864) රාජගුරු, (84889) උදයකුමාර, (75056) ඉන්දික (94022) ශ්‍රිවන්ත (26823) පෙරේරා, (100677) ලක්‍ෂිත යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment