මුස්ලිම් පල්ලිවලට අද විශේෂ ආරක්ෂාවක්

100

රාමලාන් උත්සවය මුල් කරගෙන ආගමික වතාවත් පැවැත්වෙන සියලුම මුස්ලිම් පල්ලිවලට අද (22 වැනිදා) දින විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සඳහා උපදෙස් ලබා දී ඇත.

රාමලාන් දින මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර එල්ල කර ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවට ලැබී ඇති තොරතුරු මත මෙම ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව විශේෂ රාමලාන් පූජාවන් පැවැත්වෙන පල්ලිවලට සහ ඒ අවට ප්‍රදේශවලට පොලිසිය සහ යුද හමුදාව යෙදවීමට කටයුතු කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment