ජනතාවට වැඩි අවස්ථාවක් ලබාදීමට “මෙගා වාසි” විශේෂ දිනුම් ඇදීම සංවිධානය කළා

205

සාමාන්‍යාධිකාරි නීතිඥ හෂිනි ජයසේකර

වසර 60ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන ජාතික ලොතරැයි මණ්ඩලය මේ කාලය පුරාවටම රටට කෝටිපතියන්, විසිලක්ෂපතියන් සහ ලක්ෂපතියන් බිහි කර තිබේ. ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසය හැමදාමත් අලුත් කරන ජාතික ලොතරැයි මණ්ඩලය එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ලොතරැයියකින් දිනා දුන් විශාලතම සුපිරි ත්‍යාගය ලෙස රු. කෝටි 23ක මෙගා සුපිරි ත්‍යාගය මෙගා පවර් ලොතරැයියෙන් තිළිණ කර ඇත.

එම වාර්තාව නැවතත් අලුත් කරන්නට සැරසෙන මෙගා පවර් ලොතරැයියේ මෙගා සුපිරි ත්‍යාගය මේ වන විට කෝටි 30 පසු කර හමාරය. එම සුවිශේෂී කඩඉම සනිටුහන් කිරීම සඳහා ‘මෙගා පවර් මෙගා වාසි’ විශේෂ ලොතරැයි දිනුම් ඇදීම මාර්තු 3 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම විශේෂ දිනුම් ඇදීම තුළින් රුපියල් කෝටි 32 ක් ඉක්මවූ සුපිරි තෑගි තුනට අමතරව රන් පවුම්, මවුන්ටන් බයිසිකල් සහ රුපියල් ලක්ෂයේ තෑගි 50 කටත් වැඩියෙන් දිනා ගැනීමට අවස්ථාව උදාකර ඇත.

ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන මෙම මෙගා පවර් මෙගා වාසි ලොතරැයිය ද්විත්ව ලොතරැයියක් ලෙස දිනුම් අවස්ථා 5ක් ඔබට උදා කර දෙයි. ප්‍රධාන දිනුම් ඇදීමේ අවස්ථා 2ක්, ලක්ෂපති වාසනා අංකය වෙනුවෙන් අවස්ථා 2ක් සහ මෙගා වාසි අංකය නමින් තවත් අවස්ථාවක් ඔබට හිමි වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නීතිඥ හෂිනි ජයසේකර මෙනවිය මෙසේ සදහන් කළාය. මේ ගෙවෙන්නේ අපේ රටේ ජනතාවට දුෂ්කර කාල පරිච්ඡේදයක් හැමදාමත් රටේ පුරවැසියන්ගේ දුෂ්කරතාවයන් එක රැයින් ඉවත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි තීරණය කළා මේ වෙලාවේ අප සතුව තිබෙන විශාලතම සුපිරි ත්‍යාගය දිනා ගන්න ජනතාවට වැඩි අවස්ථාවක් ලබා දෙන්න.

ඒ වෙනුවෙන්මයි මෙගා පවර් “මෙගා වාසි” විශේෂ දිනුම් ඇදීම සංවිධානය වුනේ. ලොතරැයි සුපිරි ත්‍යාග ජයග්‍රහණය කළ නොහැකියි කියන කතාව ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් වෙනස් කරපු ආයතනයක්. අපි 2022 වසරට විතරක් සුපිරි ත්‍යාග ලාභීන් 58 දෙනෙකු බිහිකර තිබෙනවා. ඊට අමතරව ළඟම උදාහරණය තමයි ජනවාරි මාසයේදී කෝටි 14 ක සුපිරි තෑග්ගක් ධන නිධානය ලොතරැයියෙන් අපි තිලිණ කළා. ඒ නිසා මේ කෝටි 30 කට වැඩි මෙගා පවර් මෙගා සුපිරි ත්‍යාගයත් ඉතාමත්ම නුදුරේදීම අපි ඔබ අතරින් කෙනෙකුට අනිවාර්යෙන්ම හිමි කර දෙනවා.

මෙගා පවර් “මෙගා වාසි” මාර්තු 3 වෙනිදා විශේෂ දිනුම් ඇදීම ඒ සඳහා හොඳ අවස්ථාවක්. මොකද අපි එක් ලොතරැයියක් දිනුම් අවස්ථා දෙකක් හිමිකර දී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ටිකට් පත් විශාල ප්‍රමාණයක් වෙළද පොළට නිකුත් කර තිබෙනවා. ඔබ සියලුදෙනා දන්නා පරිදි ටිකට්පත් මුද්‍රණය වැඩි වන්නට වැඩි වන්නට සුපිරි ත්‍යාගය දිනා ගැනීමේ වැඩි සම්භාවිතාවක් ඇති වෙනවා. ඒ නිසාම මාර්තු 3 වනදා ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසය අලුතින් ලියැවෙන දිනයක් විය හැකියි. ඒ වගේම තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන් කෝටි තිහක් වගේ ලොකු දිනුමක් දුන්නොත් ලොතරැයි මණ්ඩලය බංකොලොත් වෙන්න පුළුවන් කියලා. කිසි විටෙක එසේ සිදු වන්නේ නැහැ. මොකද ලොතරැයිපත් මිලදී ගන්න ඔබ අප හට ලබා දෙන පුංචි මුදලින් කොටසක් හැමදාමත් සුපිරි ත්‍යාගයන් පිරිනැමීම වෙනුවෙන් වෙන් කරනවා.

එය සංචිත අරමුදලක් ලෙස අප සතුව පවතිනවා. මෙගා පවර් ලොතරැයියේ කෝටි තිහකට වැඩි වෙන සුපිරි තෑග්ග විතරක් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලය සතු ලොතරැයි හයේම සුපිරි තෑගි අද දිනයේ දී ඔබ දිනා ගනු ලැබුවත් හෙට දිනයේ දී ඒ සියලුම තෑගි ඔබ හට බෙදා දෙන්නට ජාතික ලොතරැයි මණ්ඩලය මූල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක්.

ඒ නිසා හැමදාමත් වගේ ආදරයෙන් අපි ඔබට ආරාධනා කරනවා ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගෙන ජයග්‍රාහකයකු වන්නට අප හා අත්වැල් බැඳ ගන්නා ලෙස. ඔබ අතරින් කෙනෙකුගේ ජීවිතය වෙනස් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒකායන ප්‍රාර්ථනාවයි.

advertistmentadvertistment
advertistmentadvertistment