මහ බැංකුව 2%කින් පොලිය අඩු කරයි

230

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකු පොලී අනුපාත සියයට දෙකකින් අඩුකර ඇත.

මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13.00 සිට සියයට 11.00 දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.00 සිට සියයට 12.00 පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කෙරිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඉකුත් ජූලි 05 වැනි දින පැවැති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත.

ආර්ථිකයට එහි විභවය කරා ළඟා වීමට සහ උද්ධමනය ස්ථාවර කිරීමේ අරමුණින් දේශීය ආර්ථිකයේ අපේක්‍ෂිත උද්ධමන ක්‍රියාවලිය සහ යහපත් උද්ධමන අපේක්‍ෂාවන් ඇතුළු වත්මන් සහ අපේක්‍ෂිත වර්ධනයන් පිළිබඳ සියුම් විශ්ලේෂණයකින් පසුව මණ්ඩලය මහ බැංකු මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත.

මහ බැංකුව විසින් මෙම සැලකිය යුතු මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ ප්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ලබාදෙන ලෙස බැංකු හා මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින අතර එමඟින් ඉදිරි කාල සීමාව තුළ ආර්ථික ක්‍රියාකාරකම් යථාතත්ත්වයට පත් කිරීමට සහාය ලැබෙන බවද මහා බැංකුව තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment