මට කරදර කරන්න ආපු නිසා ගෙල මිරිකා මරා දැම්මා -අඟුරුවැල්ල දොරණුව කාන්තාවක් පොලීසියට කියයි

980

“මට හැමදාම කරදර කරන්න එනවා. කරදරයෙන් බේරෙන්න ගෙල මිරිකා මරා දැම්මා” යැයි රුවන්වැල්ල පොලිසියට පැමිණි කාන්තාවක් ප්‍රකාශ කර තිබේ.

අඟුරුවැල්ල දොරණුව කුලී නිවසක් තුළදී පෙරේදා (05 දා) මෙම සිද්ධිය සිදුවී තිබේ. එහිදී 54 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි රුවන්වැල්ල පොලිසිය පැවසීය.

මෙම මරණයට පත් පුද්ගලයා කොස්ගම පදිංචි අයකු වන අතර අඟුරුවැල්ල දොරණුව ප්‍රදේශයේ කාන්තාවක් සමග හිතවත්කමක් පවත්වා තිබේ. සිද්ධියට අදාළ කාන්තාවත්, මරණයට පත් පුද්ගලයාත් දෙදෙනාම විවාහ වී තම තමන්ටම වෙන්වූ පවුල් ජීවිත ගෙවන පවුල් දෙකක දෙදෙනෙකි. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා කන්තාව පමණක් සිටින විට නිවසට පැමිණ ඇත. මරණයට පත් පුද්ගලයා සාලය මත නිරුවතින් වැටී සිට ඇති අතර ඔහුගේ සපත්තු ගෙදර පිටිපස දොරටුව අසල ගළවා තිබී හමුවී ඇත. කලිසම හා කමිසයද ගළවා ඇත. ගෙදර සිටි කාන්තාව පොලිසියට පවසන්නේ ඇයට කිහිප දිනක් කරදර කිරීමට පැමිණි නිසා ගෙල හිරකර මරණයට පත්කළ බවයි. කාන්තාව රුවන්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර පරීක්ෂණ රුවන්වැල්ල පොලිසිය මගින් සිදු කරයි.

කෑගල්ල අතිරේක, කෑගල්ල – එම්. බී. පහළවත්ත සහ නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment