දියගලදී බස් දෙකක් හැපී 10ක් රෝහලේ

77

හැටන් – කොළඹ මාර්ගයේ ගිනිගත්හේන දියගල අතර සිදු වූ බස් රථ අනතුරකින් මගීන් 10දෙනකු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා කොළඹ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ගිනිගත්හේන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

මෙම අනතුරින් එම බස් රථවල ගමන් ගත් මගීන් 10දෙනකු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් මෙම අනතුර පිළිබඳව ගිනිගත්හේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවය.

හැටන් මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment