පෞද්ගලික සරසවිවලින් උපාධිය හදාරන්න සියයට 13 අවම පොලියට ණය

216

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලින් උපාධි හදාරන සිසු සිසුවියන් සඳහා ලබාදුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සියයට 13 ක අවම පොලියක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මෙම යෝජනා ක්‍රමය යටතේ 7 වැනි කණ්ඩායම බඳවා ගැනීම පිණිස ඉකුත් අප්‍රේල් මස පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි. ඒ අනුව අදාළ ණය යෝජනා ක්‍රමය සියයට 13 ක අවම පොලියක් යටතේ ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක එකඟතාව පළ කර ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (11දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය. එම එකඟතාව මත ඉකුත් 2019, 2020 සහ 2021 යන වර්ෂවල උසස් පෙළ හදාරා ලද ප්‍රතිඵල අනුව උපාධි පාඨමාලා සඳහා තෝරාගෙන ඇති සිසුන් අතරින් නියමිත සුදුසුකම් සපුරා ඇති සිසුන් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment