සයුර මැදදී රෝගී වී මියගිය ජයසයුර යාත්‍රාවේ ස්කීපර්ගේ දේහය මිරිස්ස වරායට ගෙන එයි

528

පසුගිය ජුනි මස 13 වන දින මිරිස්ස වරායේ සිට ධීවර රැකියාව සඳහා ගොස් ඇති ජයසයුර බහුදින ධීවර යාත්‍රාවේ ප්‍රධාන නියමු (ස්කීපර් ) ලෙස කටයුතු කළ එස්.පී. ප්‍රදීප් චතුරංග පසුගිය 06 වන දින හදිසියේම ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව වැලිගම පොලිසිය පවසයි.

මේ බව ඔහුගේ බිරිඳගෙන් විමසීමේදී ඇය කියා සිටියේ රැකියාව සඳහා ඔහු යනවිට කිසිදු අසනීප තත්ත්වයක් නොතිබූ බවත් මියගිය චතුරංග ධීවර කටයුතු කරන අතරතුර අසනීප වූ බව යාත්‍රා හිමියා ඇයට පැවසූ බවයි.

බඩල් කුරුඳු කන්ද මිරිස්ස ලිපිනයේ පදිංචි කරුවෙක් වන ඔහු දරුවන් තිදෙනෙකු ගේ පියෙකි. මියයන විට ඔහුට වයස අවුරුදු 33 කි. මියගොස් ඇති ප්‍රදීප් චතුරංගගේ දේහය රැගත් ධීවර යාත්‍රාව 10 දා දවල් 12.30 ට පමණ මිරිස්සේ ධීවර වරායට පැමිණි අතර එම අවස්ථාවේ ඔහුගේ ඥාතීන් සහ ධීවරයන් විශාල පිරිසක් පැමිණි අතර වෙරළ ආරක්ෂක අංශයේ නිලධාරින් බොහෝ දෙනෙකු එහි රැඳී සිටිනු දකින්නට ලැබිණි.

මිරිස්ස හදිසි මරණ පරීක්ෂක පී.කේ. ජයලත් මහතා තීරණය කළේ දේහය ඥාතීන්ට භාර දීමට පෙර මාතර අධිකරණ වෛද්‍යවරයා ලබාදෙන වාර්තාව ලබා ලබාගැනීම සඳහා දේහය මාතර මහ මහ රෝහලට යැවිය යුතු බවයි. ඔහුගේ නියමයට අනුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා දේහය මාතර මහ රෝහලට පිටත් කරන ලදී. වැලිගම පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක බී.එල්.ඩී ද සිල්වා මහතා විසින් පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

මාතර අතිරේක ලලිත් පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment