ශ්‍රී ලංකාවේ ඇඟලුම්වල උසස් ප්‍රමිතිය ලොව පුරා ප්‍රසාදයට ලක්වෙලා- ටිරෝෂන් උපේන්ද්‍ර

44

මෙරට රෙදිපිළි නිෂ්පාදන වල උසස් ප්‍රමිතිය, ගුණාත්මකභාවය, කල්පැවැත්ම පිළිබඳව විශ්වාසනීය බව දේශීය හා විදේශීය වෙළෙඳපොළ තුළ තහවුරුවී ඇතැයි ටී. බ්‍රෑන්ඩ් සර්ට්’ කළමනාකාර අධ්‍යක්‍ෂ ටිරෝශන් උපේන්ද්‍ර මහතා පැවසීය.

නව නිෂ්පාදන එළිදැක්විමේ උළෙලට එක්වෙමින් ඔහු මේ බව කීය.

T Brande Shirt සන්නාම එළිදැක්වීමේ උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් බත්තරමුල්ල Waters Edge පරිශ්‍රයේදී පැවැත්විණි. උසස්ම තත්ත්වයෙන්, නිමාවෙන්, කල්පැවැත්මෙන් සහ ඉහළම ආකර්ෂණීය තත්ත්වයකින් යුතු ෂර්ට් ඉතාම අඩු මිලට පාරිභෝගිකයාගේ අතට පත්කිරීම අරමුණු කර ගනිමින් මෙම ෂර්ට් නිෂ්පාදනය කරන අතර T Brande Shirt හි තේමාව වනුයේ ”The Most affordable Branded Shirt ever” හෙවත් එතෙක් මෙතෙක් නිෂ්පාදනය වූ මිල අඩුම තත්ත්වයෙන් උසස්ම ෂර්ට්” යන්නයි.

මෙහිදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්‍ෂ ටිරෝශන් උපේන්ද්‍ර මහතා පැවසුවේ තත්ත්වයෙන් උසස්ම ෂර්ට් ඉතාම අඩු මුදලකට පාරිභෝගිකයා අතට පත් කිරීම තම අරමුණ බවයි.

European Standard වලට අනුව නිෂ්පාදනය කරන රෙදි පමණක් තත්ත්ව පරීක්‍ෂාවෙන් අනතුරුව මෙම T Brande Shirt නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගනු ලබන බවත් ඔහු කීය.

ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෙදිපිළි සාප්පු අයිතිකරුවන්, නළු නිළියන් රැසක් Youtubers වැනි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර නැටුම් ගැයුම් රැසකින් උත්සවය වර්ණවත් විය.

තවදුරටත් අදහස් දැක්වූ මෙහෙයුම් කළමනාකාර චතුශිකා ලක්මිණී මහත්මිය පැවසූවේ ඔබ මිලදී ගන්නා කෑම T Branded ෂර්ටයකින්ම රුපියල් දහයක මුදලක් දුෂ්කර පළාත්වල අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් සමාගම විසින් යොදවන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment