2021 වසරේදී මාධ්‍යවේදීන් 76 ක් ඝාතනය කෙරේ

137

රටවල් 28 කදී මාධ්‍යවේදීන් 76 ක් ඝාතනය වී ඇතැයි පෙක් නැමැති මාධ්‍ය සංවිධානය හෙළි කර ඇත.

 ඇෆ්ගනිස්ථානයේදී 12 ක්ද, මෙක්සිකෝවේදී 10 ක්ද, ඝාතනය වී තිබේ. මේ හැර පාකිස්ථානයේදී 7 ක්ද, ඉන්දියාවේදී 6 ක්ද, යේමනයේ දී 4 ක්ද, කොංගෝ රාජ්‍යයේදී 3 ක්ද සහ පිලිපීනයේදී 3 ක්ද ඝාතනය කර ඇත. ඝාතනය වූ මාධ්‍යවේදීන්ගෙන් 29 ක් මරාදමා ඇත්තේ ගැටුම් පවතින ඇෆ්ගනිස්ථානයේ විර්කිනා පාසෝ, අසර්බයිජානය, ඉතියෝපියාව, සෝමාලියාව, සිරියාව සහ යේමනයේයි. යුරෝපයේදී මාධ්‍යවේදීන් 3 ක් ඝාතනය වී තිබේ. ඒ ග‍්‍රීසිය, ජෝර්ජියා සහ නෙදර්ලන්තයේයි. පසුගිය වසරට වඩා මාධ්‍යවේදීන් ඝාතනය සියයට 8 කින් වැඩි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment