රත්නපුරයට නායයාමේ අවදානම් අනතුරු

274


රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 න් 16 කට නායයාමේ අවදානම් නිවේදන ජාතික ගොඩනැගිලී සහ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ . මෙම නීවේදන නැවත දැනුම් දෙන තෙක් බලාත්මක බව රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . රත්නපුර ,ඇලපාත ,කුරුවිට ,ඇහැලියගොඩ ,සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නාය යැමේ අදියර දෙක යටතේ අනතුරු ඇගවිම් නිවේදන නිකුත් කර තිබේ . නායයෑම් අවදානම් සහිත බව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට එමගින් අනතුරු අගවා තිබේ . කහ නිවේදනය හෙවත් නායයෑම් අවදානම් කලාපවල ජනතාවට ව්මසිලිමත්ව සිටින ලෙස නිවිතිගල ,ඕපනායක ,වැලිගෙපොල ,බලන්ගොඩ ,ඉඹුල්පේ ,අයගම ,කහවත්ත ,පැල්මඩුල්ල ,කිරිඇල්ල ,ගොඩකවෙල සහ කොළෙන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනතුරු ඇගවිම් නිවේදනය කර තිබේ . අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව ග්‍රාම නිලධාරීන් මගින්ද දැනුවත් කිරිම් සිදු කර තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment