වැස්සෙන් යාපනයේ පවුල් 97ක් විපතට නිවාස 19කට බරපතළ හානි

143

යාපනය ඇතුලූ උතුරු ප‍්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේවන විට යාපනයේ පවුල් 97කට අයත් පුද්ගලයින් 578 දෙනෙකු විපතට පත්ව සිටින අතර යාපනයේ නාවන්තුරෙයි අච්චුවේලී හා කලූන්දායි ප‍්‍රදේශවල නිවාස 19කට බරපතල ලෙස හානි සිදුව තිබේ.

වැස්සෙන් යාපනයේ පවුල් 97ක් විපතට නිවාස 19කට බරපතළ හානි

යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා වර්ෂාව නිසා විපතට පත්ව සිටින ප‍්‍රදේශවල ජනතාව හමුවීමට යාපනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමග ගොස් වැඩිම විපතට පත් පිරිස වෙනත් ස්ථානවලට මාරු කිරීමට උපදෙස් දී තිබේ. මේ අතර වර්ෂාව මැද අකුණක් ගැසීම නිසා මුලතිව් ප‍්‍රදේශයේ ගොවි බිමක සිටි පුද්ගලයින් දෙදෙනෙකු 31දා රෝහල් ගත කළ අතර ඉන් එක් අයෙකු මියගොස් තිබේ. අධික වර්ෂාව නිසා කිළිනොච්චියේ කුඩා වැව් වාන් දැමීමට පටන් ගෙන ඇති අතර ඇතැම් වැව්වල වැව් බැමි බිඳී යාමේ තර්ජනවලට ලක්ව ඇද්දැයි සෙවීම පිණිස පළාතේ යුද හමුදා කණ්ඩායම් මහ වැසි මැද නිරීක්ෂණ චාරිකා ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment