ශ්‍රී ලංකා-කියුබා ජනාධිපතිවරු ද්විපාර්ශ්වික සාකච්ඡා

88

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෞඛ්‍ය සේවාව, ක්‍රීඩා පුහුණුව ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධයෙන් සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට අදාළ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එරට ජනාධිපති මියුගල් ඩයස් කැනල් යන මහත්වරුන් අතර පවත්වා ඇත.

එරට නිල සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉකුත් 15 වැනිදා කියුබා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී ඖෂධ නිෂ්පාදනය සහ ආනයනය, සෞඛ්‍ය සේවාවේ වැඩි දියුණුවට අදාළ තාක්ෂණ පහසුකම් ලබා ගැනීම, ක්‍රීඩා පුහුණුව සහ පොල් වගාව සම්න්ධව දෙරට අතර සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අදාළ කරුණු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment