ඉදිරියේදී උද්ධමනය අඛණ්ඩව පහළ යද්දී පොළී අනුපාත අඩුවෙනවා – මහ බැංකුව

251

උද්ධමනය ඉදිරියේදී අඛන්ඩව පහළ යනු ඇතැයි ද ඒ අනුව පොළී අනුපාත අඩුවනු ඇතැයි ද මහ බැංකුව පවසයි.

මේ සඳහා මහ බැංකුව දැනට අනුගමනය කරන වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් සහය ලැබෙනු ඇතැයිද මහ බැංකුව පවසයි.

එසේම පවතින මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාතවලට අනුකූලව වෙළෙඳ පොළ අනුපාතික පහළ යනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.

මෙසේ අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලියට අනුකූලව වෙළෙඳ පොළ පොළී අනුපාතික සුදුසු පරිදි පහළ යෑමක් සිදු නොවන්නේ නම් වෙළෙඳ පොළ පොළී අනුපාතික අනිසි ලෙස ඉහළ යෑම වැළැක්වීම සඳහා නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට සිදුවනු ඇති බවද මහ බැංකුව කියයි.

මේ වසරේ (2022) මුර්ත ආර්ථිකය සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ස්ථායිතාව අරමුණු කරගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ පවතින අවිනිශ්චිතතා ඇතුළු අනෙකුත් සාධකවල බලපෑම හේතුවෙන් මෙසේ මුර්ත ආර්ථිකය සංකෝචනය වීම (පසුබෑමට ලක්වීම) සිදුවනු ඇත. කෙසේ වුවද සැපයුම් තත්ත්වයන්ගේ අපේක්ෂිත වර්ධනයන්, වැඩිදියුණු වූ වෙළෙඳ පොළ විශ්වාසනීයත්වය සහ ආර්ථික තත්ත්ව ස්ථායි කිරීම සඳහා ගනු ලැබූ නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් සහායෙන් ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව සහ තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.

මහ බැංකු මූලස්ථානයේ දී 23 දා දහවල් පැවති මාධ්‍ය හමුවේ දී මේ තොරතුරු අනාවරණය විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment