ලක්ෂ 5ක පිරිසක් විෂ මත් භාවිතයේ

66

මත්ද්‍රව්‍ය සෑදිය හැකි රසායනික ද්‍රව්‍ය 25ක් රටට ගෙන්වලා

මෙරට විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ප්‍රමාණය ලක්‍ෂ පහකට අධික බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

මීට අමතරව මත්ද්‍රව්‍ය ලෙස ඖෂධ වර්ග භාවිත කිරීමට යොමු වූ පිරිස් සිටින බවත් ඒ අතරින් පෙති වර්ග භාවිත කරන 30,000කට වැඩි පිරිසක් සිටින බවත් ඊයේ (03 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍යා නානායක්කාර මහතා පැවැසීය.

විවිධ පාර්ශ්ව මත්ද්‍රව්‍ය සැකසිය හැකි රසායනික වර්ග 25ක් අලුතෙන් රටට ගෙන්වන බවත් ඒවා ගැන සමීක්ෂණයක් සිදුකරන බවත් ඔහු කීවාය. මෙම රසායනික රටට

ගෙන්වනවා නම්, බෙදාහරිනවා නම් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බලපත්‍රයක් ලබාගත යුතු බවත් නානායක්කාර මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment