විශේෂ අවශ්‍යතා ඇති අයට කෝටි ගණන් වංචා කළ අයගේ බැංකු ගිණුම් තහනම්

157

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් දහස් ගණන් රවටා රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වංචාකර විදේශීයකට පලාගිය පුද්ගලයකු සතු බැංකු ගිණුම් තහනම් කිරීමට නීතිමය පියවර ගත් බව වංචා විමර්ශන කාර්්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් සුබසාධක සංගමයක් ආරම්භ කර ඔවුන්ගේ මුදල් එකතුකර ඒ මුදල්වලින් ප්‍රතිලාභ ලබාදෙන බව කියමින් මෙම සැකකරු මෙම වංචාව සිදුකර ඇත.

මෙම සැකකරු පොරොන්දු ප්‍රකාර ප්‍රතිලාභ ලබා නොදීම නිසා මෙම අඳබිහිරි පිරිස ඔහුට එරෙහිව වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබුණි.

මෙම සැකකරු ඒ වෙනවිටත් විදේශයකට පලාගොස් ඇති අතර ඔහු පිලිපීන කාන්තාවක් විවාහ කරගෙන සිටින බවට තොරතුරු ලැබුණු බව ද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment